brand logo
logo
ඥාණසාර හිමියන්ගේ සිවුර ගැලවීමට එරෙහිව බලපිටියේ නිහඬ විරෝධතාවක්

ඥාණසාර හිමියන්ගේ සිවුර ගැලවීමට එරෙහිව බලපිටියේ නිහඬ විරෝධතාවක්

08 October 2026 | අනුරාධපියදර්ශන-අම්බලන්ගොඩ


බන්ධනාගාරයෙන් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සිවුර ගැලවීමට නිහඩ විරෝධය පා අද(8)පෙරවරුයේ  බලපිටිය නගර මධ්‍යයේදී ගිහි,පැවිදි දෙපිරිසගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.


බලපිටිය දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී කැටපලේ සමිතතිස්ස බලපිටිය උතුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී පයාගල සුබෝධී යන හිමිවරුන් ඇතුලු බලපිටියේ විහාරස්ථාන රැසකම හිමිවරුන් මේ අවස්ථාවට සහභාගී වූහ.


එමෙන්ම මේ අවස්ථාවට බලපිටිය පාදේශීය සභාවේ හිටපු සභාපති ,පාදේශීය සභා මන්තී එන්.සමන් ද සිල්වා ඇතුලු පාදේශීය සභා මන්තීවරුන් ඇතුලු ගිහියන් විශාල පිරිසක්ද සහභාගිවී සිටියහ.

 

More News..