හබරාදූව බිහිසුණු අනතුරෙන් තුවාල ලැබූ දරුවන්ගේ තත්ත්වය
25 October 2026
හබරාදූව බිහිසුණු අනතුරෙන් තුවාල ලැබූ දරුවන්ගේ තත්ත්වය
25 October 2026
හබරාදූව පොලිස් වසමේ කොක්ගල ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී අද (25) දහවල් බස් රථයක් දුම්රියක ගැටී සිදු වු අනතුරින් ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහලට මේ වන විට දරුවන් 9 දෙනෙකු ඇතුළත් කර ඇති බව ගාල්ල ජාතික රෝහලේ නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් වෛද්ය ප්රියන්ත අතපත්තු මහතා පැවසීය.
මෙම දරුවන් අතරින් දෙදෙනෙකු ප්රදේශවාසීන් විසින් වෙනත් වාහන මඟින් රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, තවත් දරුවන් 7 දෙනෙකු පර්යන්ත ගිලන්රථ මඟින් රෝහල වෙත රැගෙන විත් ඇති බව ඔහු පැවසීය.
ඇතුළත් කළ පිරිස අතර අවුරුදු 14ක පමණ දරුවෙකු ද වන අතර, එම දරුවාගේ අභ්යන්තර ඉන්ද්රියන්ට සිදුව ඇති තුවාල හේතුවෙන් අභ්යන්තර රුධිර වහනයක් හටගෙන ඇති බවද පැවසීය.
ඒ හේතුවෙන් මේ වන විට එම දරුවා හදිසි ශල්යකර්මයකට භාජනය කර ඇති බව වෛද්යවරයා සඳහන් කළේය.
තවත් දරුවෙකුගේ තත්ත්වය තරමක් බරපතළ වුවද, ඔහුට දැඩි ලෙස අසාධ්ය තත්ත්වයක් නොමැති බව වාර්තා වේ.
සෙසු දරුවන් සම්බන්ධයෙන් වෛද්යවරුන් පවසා ඇත්තේ, මේ වන විට සිදු කර ඇති සහ සිදු කරමින් පවතින පරීක්ෂණ වාර්තා අනුව ඔවුන්ගේ තත්ත්වය එතරම් අසාධ්ය නොවන බවයි.

