තුවාල ලැබූ කාවන්තිස්සට පශු වෛද්‍ය කණ්ඩායමෙන් සිව්වන දිනටත් ප්‍රතිකාර
27 September 2026 | සාලිය කුමාර ගුණසේකර
තුවාල ලැබූ කාවන්තිස්සට පශු වෛද්‍ය කණ්ඩායමෙන් සිව්වන දිනටත් ප්‍රතිකාර
27 September 2026 | සාලිය කුමාර ගුණසේකර
වෙඩි වැදීම සහ ඇතෙකුගේ දළ පහරක් වැදීම නිසා ඉදිරි පාදයකට තුවාලවී සිටින ගල්ගමුව,සියඹලංගමුව ප්‍රදේශය ආශ්‍රිතව සැර සරන “කාවන්තිස්ස“ඇතාට වනජීවි නිළධාරීන් සිව්වන දිනටත් අද (27) වැනිදා ප්‍රතිකාර කරන ලදි.
වනජීවි පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ ඇතුළු කණ්ඩායමක් විසින් ඇතාට ප්‍රතිකාර කරන්නේය.
වෙඩි වැදීම නිසා ඇතාගේ ඉදිරි දකුණු පාදයකට තුවාල සිදුවී තිබුණි.
වෙඩි වැදී තුවාල වූ ස්ථානය ඉදිමී තිබූ අතර,වනජීවි පශු වෛද්‍ය නිළධාරීන් පසුගිය දිනවලදී ඇතාට දිගින් දිගටම ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන ලදි.
මේ වනවිට සතාට නිදහසේ සැරිසැරීමට අවස්ථාව ලබාදී තිබෙන බව වනජීවි පශු වෛද්‍යවරු පවසති.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ එක්ස් රේ පරීක්ෂණයක් සිදු කරමින් සතාගේ තුවාල ආශ්‍රිතව ඇති අභ්‍යන්තර අස්ථි පිළිබද තත්වය පරීක්ෂා කිරීමට නියමිත බවය.
මේ වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට මේ මස 18 වැනිදා දක්වා වූ කාලය තුලදී පමණක් වෙඩි වැදීම නිසා අලි 37 ක් මියගොස් ඇති අතර,එම මරණ අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ නැගෙනහිර වනජීවි කලාපයෙනි.
එම සංඛ්‍යාව 13 කි.

