ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක්
24 September 2026
ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක්
24 September 2026
කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා නිකුත් කල ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 48 සඳහාද දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය 20 දින පෙරවරු 9.30නිකුත් කළ නිවේදනය නැවත මෙලෙස දීර්ඝ කර තිබේ.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි
මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගවල විශේෂයෙන් අතුරු මාර්ගවල ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනු ලබයි.

