සංචාරක කර්මාන්තයේ ඉදිරි සැලසුම් ගැන විශේෂ සාකච්ඡාවක්
22 November 2026
සංචාරක කර්මාන්තයේ ඉදිරි සැලසුම් ගැන විශේෂ සාකච්ඡාවක්
22 November 2026
මෙරට සංචාරක කර්මාන්තය මුහුණ දෙන වත්මන් ගැටලු සහ ඒවාට විසඳුම් සෙවීම මෙන්ම එළැඹෙන වසරේදී මෙරට සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මෙන්ම ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක මෙහෙයවන්නන්ගේ සංගමයේ සහ ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ විධායක නිලධාරීන් සමග මෙම සාකච්ඡාව පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
මෙහිදී සංචාරක කර්මාන්තයේ පවතින ගැටලු සහ එවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව මෙන්ම 2027 වසරේ මෙරට සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා මෙම සංගම් දෙක විසින් යෝජනා කරන ලද උපායමාර්ගික වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු වී ඇත.
එමෙන්ම සංචාරක සංවර්ධන බද්ද අහෝසි කිරීම, විදේශීය වෙළෙඳපොළ තුළ මෙරට සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සහ ඒ සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සංගම් දෙකෙහි නියෝජිතයින් සිය ප්‍රසාදය මෙහිදී පළ කර ඇති අතර සංචාරක සංවර්ධන බද්ද අහෝසි කිරීම හරහා සංචාරක ක්ෂේත්‍රයට ලබාදීමට අපේක්ෂිත බදු සහනය සම්බන්ධයෙන්ද ඔවුහු සිය ස්තූතිය පළ කර ඇත.


