යාල වනෝද්‍යානයේ වනජීවි මුරපොළක් ආසන්නයේ වෙඩිතැබීමක්
21 March 2026
යාල වනෝද්‍යානයේ වනජීවි මුරපොළක් ආසන්නයේ වෙඩිතැබීමක්
21 March 2026
යාල වනෝද්‍යානයට අයත් කිරින්ද, බැබුව වනජීවි මුරපොළ ආසන්නයේ වෙඩිතැබීමක් සිදුව තිබේ.
අද (21) පෙරවරුවේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි.
වෙඩි ශබ්දය පිළිබඳ වාර්තා වීමත් සමග බැබුව වනජීවි මුරපොළේ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබූ අතර, එහිදී මෝටර් රථය පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
සතුන් දඩයම් කිරීම සඳහා මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.
පලාගිය මෝටර් රථය සහ සැකකරුවන් සොයා කිරින්ද පොලීසිය මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් අවට පොලිස් ස්ථාන දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බව සඳහන්ය.

