වසරේ ගත වූ කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 76ක්
03 August 2025
වසරේ ගත වූ කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 76ක්
03 August 2025
2025 වසරේ මේ දක්වා දිවයින පුරා සිදුව ඇති වෙඩි තැබීමේ සිද්ධීන් ගණන 76ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අද (03) උදෑසන මාතර කපුගොඩ ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියත් සමගිනි.
මෙම වෙඩි තැබීමේ සිදුවීම්වලින් මේ දක්වා පුද්ගලයින් 41 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති අතර තවත් පුද්ගලයින් 43 දෙනෙකු තුවාල ලබා තිබේ.
මේ අතර ත්‍රිකුණාමලය තුනේ කණුව ප්‍රදේශයේදී අද අලුයම 03ට පමණ පුද්ගලයින් දෙදෙනෙකු අතර ගැටුමක් හටගෙන තිබේ. එහිදී එක් අයෙකු විසින් අනෙකාට ගලකින් පහරදීම හේතුවෙන් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පහරදීමෙන් මියගොස් ඇත්තේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක් වන අතර පහරදීමට සම්බන්ධ පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

