කන්තලේ වැව වාන් දමා අක්කර 500ක් විනාශයි
30 April 2025 | මහින්ද සේනාරත්න -කන්තලේ
කන්තලේ වැව වාන් දමා අක්කර 500ක් විනාශයි
30 April 2025 | මහින්ද සේනාරත්න -කන්තලේ
මේ දිනවල පවතින අධික වැසි තත්ත්වයත් සමග කන්තලේ වැවේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් වාන් ඇළ දෙපසින් වූ පුරවන ලද පස් බැම්මක් කඩාගෙන ගොස් යාය 5 පේරාරු ප්‍රදේශයේ කුඹුරු අක්කර 500කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇත.
අධික වැසි හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පසුගිය 28 වැනිදා කන්තලේ වැවේ වාන් දොරටු විවෘත කරන ලදී. එම වාන් ජලය ගලා බසින වාන් ඇළ කන්තලේ පේරාරු යාය 5 ප්‍රදේශයෙන් කුඹුරු යායට ඇතුළු වූයේ එහි එක් පසෙක තිබූ බස් බැම්මක් ද කඩා දමමිනි.
එම බැම්ම සකසා තිබුණේ ඇළ මාර්ගය පුළුල් කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමෙන්තුව විසින් කපා ඉවත් කරන ලද පස් ඇළ ඉවුර දෙපස බැම්මක් ආකාරයට සකස් කිරීමෙනි. එය ආරක්ෂිත බැම්මක් නොවන බව ද වාරිමාර්ග නිලධාරීහු පැවසූහ.