brand logo
logo
විදේශ ඇමැති අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි

විදේශ ඇමැති අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි

28 September 2026 | හර්ෂණී දිසානායක

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසිවාරය ඇමරිකා වේලාවෙන් අද (28 වැනිදා) පෙරවරුවේ ඇමතීමට නියමිතය.


ඒ අනුව අමාත්‍යවරයා මහා මණ්ඩල සැසියේ ඉහළ පෙළේ සතිය (High-Level Week) සඳහා 26 වැනි සෙනසුරාදා නිව්යෝර්ක් බලා පිටත් විය.


මෙවර මහා මණ්ඩලයේ තේමාව "විශ්වාසය යළි ගොඩනැගීම, පරිවර්තනය කළමනාකරණය කිරීම සහ සියලු දෙනා වෙනුවෙන් ප්‍රතිඵල ලබාදෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක්" යන්නයි.


මෙහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන විදේශ ප්‍රතිපත්ති ප්‍රමුඛතා සහ ගෝලීය ගැටලු සම්බන්ධයෙන් රටේ ස්ථාවරය ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ඉදිරිපත් කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් බලාපොරොත්තු වේ.


මහා මණ්ඩලයේ සැසිවාරය සමගාමීව විදේශ ඇමැතිවරයා රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සහ එක්සත් ජාතීනගේ සංවිධානයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනකු සමග සාකච්ඡා පැවැත්වීමටත් නියමිතය.

 

More News..