දිඹුලාගල ගම්මාන හා ගොවිබිම් රැකගැනීමට විශේෂ රාජ්ය අවධානයක් අවශ්යයි – රාහුලාලංකාර හිමි
25 October 2026
දිඹුලාගල ගම්මාන හා ගොවිබිම් රැකගැනීමට විශේෂ රාජ්ය අවධානයක් අවශ්යයි – රාහුලාලංකාර හිමි
25 October 2026
දිවුලපතාන ගම්මානයේ වගාබිම්වලට ගවයින් මුදාහැර හානිකිරීමේ සිදුවීම පිළිබඳ රජයේ අවධානය යොමුවිය යුතු බව දිඹුලාගල ආරණ්ය සේනාසනාධිපති පූජ්ය දිඹුලාගල රාහුලාලංකාර හිමි පවසයි.
උන්හන්සේ මේ බව ප්රකාශ කළේ අග්රාමාත්යවරිය ආරණ්ය සේනාසනය වෙත ඊයේ (24) පැමිණි අවස්ථාවේදීය.
අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඊයේ ඓතිහාසික දිඹුලාගල ආරණ්ය සේනාසනය වෙත පැමිණියේය.
එහිදී අග්රාමාත්යවරිය ආරණ්ය සේනාසනාධිපති පූජ්ය දිඹුලාගල රාහුලාලංකාර හිමි බැහැදුටුවේය.
එහිදී අදහස් දැක්වූ දිඹුලාගල ආරණ්ය සේනාසනාධිපති පූජ්ය දිඹුලාගල රාහුලාලංකාර හිමියන් පැවසූවේ, ගඟෙන් මෙගොඩ දිඹුලාගල කේන්ද්රකරගත්ත ගම්බිම් ටික ආරක්ෂා කරගන්න සුවිශේෂී රාජ්ය අවධානයක් අවශ්ය බවය.

