සෞඛ්‍ය ඇමැතිගේ QR බැරියරය ඉවතට
27 August 2026 | සාලිය කුමාර ගුණසේකර
සෞඛ්‍ය ඇමැතිගේ QR බැරියරය ඉවතට
27 August 2026 | සාලිය කුමාර ගුණසේකර
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍ය කාර්යාලයට යම් අයකු පිවිසීමට පෙර සිය තොරතුරු ඇතුළත් කිරීම සඳහා සවිකර තිබූ QR කේතය සහිත පුවරුව ඉවත්කර ඇත.
‘සතිඅග අරුණ’ පුවත්පත ඉකුත් ඉරිදා (23 වැනිදා) ‘‘සෞඛ්‍ය ඇමැතිගේ කාර්යාලයට QR බැරියර් එකක්’’ යන සිරස්තලය යටතේ වූ පුවත මගින් මෙම පුවරුව පිළිබඳව අනාවරණය කළේය.
‘ගරු අමාත්‍යතුමා හමුවීමට සහ අමාත්‍ය කාර්යාලයට පිවිසීමට පෙර ඔබගේ තොරතුරු පහත QR කේතය ස්කෑන් කර ඇතුළත් කරන්න’ යනුවෙන් එම පුවරුවේ සඳහන්කර තිබිණි.
එම QR කේතය ස්කෑන් කිරීමෙන් පසුව අදාළ තොරතුරු පත්‍රිකාවේ ඇමැතිවරයා හමුවීමට පැමිණෙන පුද්ගලයා විසින් මා පැමිණි දිනය, වේලාව, නම, දිස්ත්‍රික්කය, තනතුර, දුරකථන අංකය, කාරණය, හමුවීමට අවශ්‍ය නිලධාරියා සහ පිටවූ වේලාව ආදී තොරතුරු ඇතුළත් කළ යුතු විය.
එහෙත් මේ වනවිට එම කේතය සහිත පුවරුව ඉවත්කර ඇත.

