නීති විරෝධි ධීවර කටයුතුවල නිතර වූ පුද්ගලයින් 50 දෙනෙකු නාවික හමුදා භාරයට
18 October 2026
නීති විරෝධි ධීවර කටයුතුවල නිතර වූ පුද්ගලයින් 50 දෙනෙකු නාවික හමුදා භාරයට
18 October 2026
ඔක්තෝබර් මස 02 වැනිදා සිට 17 දක්වා කාල සීමාව තුළ ශ්රී ලංකා මුහුදු තීරයේ නීති විරෝධි ක්රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 50 දෙනෙකු සහ මත්ද්රව්ය ජාවාරම් සිදුකළ බවට සැකකෙරෙන පුද්ගලයින් පස් දෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ඒ, ත්රිකුණාමලය ෆවුල් පොයින්ට්, ලංකාපටුන, නයාරු, තුඩුව, කදිරවේලි, මාර්බල් බීච්, ඉරක්කන්ඩි, පුදුමාතලන්, යාපනය චුන්ඩිකුලම්, කඩ්ඩයිකාඩු, වෙත්තලකේණි, කෝවිලන්, පුත්තලම මොහොත්තුවාරම්, කල්ලාරු යන වෙරළ හා මුහුදු ප්රදේශ ආවරණය වන පරිදි සිදු කළ මෙහෙයුම්වලදීය.
එහිදී ඩිංගි යාත්රා 33ක්, කැනෝයි යාත්රාවක් ද නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇත.
මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන්, ධීවර යාත්රා හා තහනම් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්රිකුණාමලය, මුලතිව්, මූතූර්, කුච්චවේලි, වාකරේ, කොඩ්බේ, යාපනය, මයිලඩි හා පුත්තලම යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදීමට කටයුතු කෙරිණි.
තවද නාවික හමුදාව 2026 ඔක්තෝබර් මස 13 වැනි දින දකුණු මුහුදේ සිදුකළ මෙහෙයුමක් මඟින්, මත්ද්රව්ය ජාවාරම් කළ බවට සැකකෙරෙන, පුද්ගලයින් පස් දෙනෙකු සමඟ බහුදින ධීවර යාත්රාවක් නාවික හමුදා භාරයට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය වෙත භාර දෙනු ලැබීය.

