තීරු බදු වැඩි කිරීමෙන් වාහන ගෙන්වීම අඩු වුණා - නි. ඇමැති අනිල් ජයන්ත
24 July 2026
තීරු බදු වැඩි කිරීමෙන් වාහන ගෙන්වීම අඩු වුණා - නි. ඇමැති අනිල් ජයන්ත
24 July 2026
මේ මාසය තුළදී වාහන ආනයනය පාලනය වී ඇති බව කම්කරු ඇමැති සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේ දී ඊයේ (23 වැනිදා) පැවසීය.
ආනයන හා අපනයන පනත යටතේ රෙගුලාසි සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් මේ බව කී ඇමැතිවරයා මෙසේද කීවේය.
තෝරා ගත් වාහන කාණ්ඩ ආනයනයට අදාළව මාස තුනකට තීරු බදු වැඩි කළා. ඒ ක්‍රියාමාර්ගය අනුව ජූලි මස තුළ මේ තත්ත්වය පාලනය වෙලා තිබෙනවා. මේ මාසයේ 20 හා 21 කියන දින දෙකේ ණයවර ලිපි නිකුත් කර තිබෙන්නේ ඩොලර් මිලියන 1.81 ක් සහ ඩොලර් මිලියන 1.19 ක් වශයෙන්. මේ මාසේ පළමු දින 21දී වාහන ආනයනය සඳහා දිනකට අදාළ ණයවර ලිපිවල වටිනාකමේ සාමාන්‍යය ඩොලර් මිලියන 3.5 ක මට්ටමක තිබෙන්නේ. මේ පවතින තත්ත්වය තුළ 7% ඉක්මවූ ආදායමක් අත්පත් කර ගැනීමට අපි කටයුතු කරනවා.
රෙගුලාසි සම්මත විය.

