NPP බලය හිමි සොරණාතොට ප්‍රා. සභාවේ අයවැය පරදී
19 November 2026
NPP බලය හිමි සොරණාතොට ප්‍රා. සභාවේ අයවැය පරදී
19 November 2026
ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ 2027 අයවැය දෙවන වර කියවීම ද වැඩි ඡන්ද පහකින් පරාජයට පත්ව තිබේ.
වත්මන් සභාපති ජයලත් එදිරිමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 06ක් සහ විපක්ෂව ඡන්ද 10ක් හිමිවී තිබේ.
එහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හයදෙනා අයවැයට පක්ෂව ඡන්දය ලබාදී ඇති අතර, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සිව්දෙනා, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු, පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ සර්වජන බලයේ මන්ත්‍රීවරයෙකු අයවැයට විපක්ෂව ඡන්දය ලබාදී තිබේ.


