ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසලකින් ලක්ෂ පහක් සොරාගෙන කාන්තාවක් පලා යයි
05 November 2026 | ලක්ඛිත විද්‍යසේකර - කළුතර
ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසලකින් ලක්ෂ පහක් සොරාගෙන කාන්තාවක් පලා යයි
05 November 2026 | ලක්ඛිත විද්‍යසේකර - කළුතර
කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක කැෂියර් ලාච්චුවේ තිබූ රුපියල් ලක්ෂ පහක මුදලක් සොරාගෙන පලාගිය කාන්තාවක් සම්බන්ධයෙන් දකුණු කළුතර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. දකුණු කළුතර පදිංචි පසාල් මොහොමඩ් පස්ලාන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.
ඉකුත් 03 වැනිදා වෙළඳසැලට පැමිණි වයස අවුරුදු 50ත් 60ත් අතර කාන්තාවක් මේසන් බාස්වරයෙකු පැමිණෙන තෙක් රැඳී සිටින බව පවසමින් පුටුවක හිඳගෙන සිට ඇති අතර, වෙළඳසැලේ හිමිකරුගේ පුත්‍රයා වෙනත් වෙළඳසැලකට ගිය අවස්ථාවේදී කැෂියර් ලාච්චුවේ තිබූ මුදල් සොරාගෙන පලාගොස් ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.
පලාගිය කාන්තාව පසුපස හඹා ගියද අල්ලා ගැනීමට නොහැකි වූ බවද පැමිණිලිකරු සඳහන් කර ඇත.
කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකරගේ මෙහෙයවීම යටතේ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
© 2026 All Rights Reserved. Powered by Summit

