brand logo
logo
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මි.මී75 ඉක්මවූ තද වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මි.මී75 ඉක්මවූ තද වැසි

05 October 2026


දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරුමැද පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් ඇතැම් ස්ථානවලට මි.මී75ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.


එමෙන්ම, ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.


මේ අතර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද සඳහන් වේ.

 

More News..