අතුරුදහන්ව සිටි අයෙකුගේ මළ සිරුරක් සප්තකන්‍යා කන්දේන් හමුවේ
30 September 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
අතුරුදහන්ව සිටි අයෙකුගේ මළ සිරුරක් සප්තකන්‍යා කන්දේන් හමුවේ
30 September 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
නිවසින් අතුරුදහන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර සප්තකන්‍යා කදුමුදුනේ සිට ලක්ෂපාන දිය ඇල්ලට ජලය ගලා බසිනා ලියන්වල ඔයේ තිබි ඊයේ (29) දින හමු වූ බව නෝටන්බ්‍රිජ් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කපිල නිශාන්ත විජේරත්න පැවසීය.
මෙසේ ලියන්වල ඔයේ තිබි සොයාගනු ලැබූවේ මස්කෙළිය මාවුස්සාකැලේ වතුයායේ පදිංචිව සිටි 40 හැවිරිදි අයකුගේ මළ සිරුරයි.
එම ඇළ හරස් කර නෝටන්බ්‍රිජ් ටෙබටන් වතුයායේ පදිංචිකරුවන් පානීය ජලය ලබා ගන්නා බවත්, එසේ ජලය ලබා ගන්නා ජල නළ ගැලවියාමේන් පසු ඒ පිලිබදව සොයා බැලීමට ගිය පිරිසක් විසින් සිරුර දැක ඒ පිලිබදව නෝටන්බ්‍රිජ් පොලිසිය වෙත දැනුම් දී ඇත.
මරණකරු මීට දින 7කට පමණ ප්‍රථම සිට අතුරුදහන්ව ඇති බවට ඥාතීන් විසින් මස්කෙළිය පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබූ බවත්, එම පැමිණිලිකරුට නාදුනන මළසිරුරක් ඇති බවට කල දැනුම්දීමක් මත මරණකරුගේ සොහොයුරා විසින් සිරුර හමු වූ ස්ථානයට පැමිණ මිය ගොස් ඇත්තේ තම සොයුරා බව නෝටන්බ්‍රිජ් පොලිසිය හමුවේ පවසා ඇත.
ටෙබටන් ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණි තම සොහොයුරා ආපසු නිවසට නොපැමිණි නිසා ඒ පිලිබදව මස්කෙළිය පොලිසිය වෙත පැමිණිලි කල බවද මරණකරුගේ සොහොයුරා විසින් නෝටන්බ්‍රිජ් පොලිසිය හමුවේ පවසා ඇත.
මිය ගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසීය.

