දීපාවලි නිමිත්තෙන් වටවල නගරයේ හදිසි වැටලීමක්
30 October 2026 | ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය
දීපාවලි නිමිත්තෙන් වටවල නගරයේ හදිසි වැටලීමක්
30 October 2026 | ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය
දීපාවලි උත්සව සමය නිමිත්තෙන් පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගිනිගත්හේන සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලයට අනුයුක්ත මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් විසින් අද (30) වටවල නගරයේ විශේෂ හදිසි වැටලීමක් සිදු කරනු ලැබීය.
මෙහිදී නගරයේ ආපනශාලා, සිල්ලර වෙළෙඳසැල්, එළවළු හා මස් අලෙවිසැල් රැසක් පරීක්ෂාවට ලක් කෙරිණි.
එම පරීක්ෂාවේදී අලෙවිය සඳහා තබා තිබූ කල් ඉකුත් වූ ආහාරපාන තොගයක් සොයාගැනීමට මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් සමත් වී ඇති අතර, ඒවා අලෙවි කළ වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන තිබේ.
සෞඛ්ය උපදෙස් නොතකමින් නොසැලකිලිමත් ලෙස හා අපිරිසිදු පරිසරයන්හි වෙළෙඳ කටයුතු පවත්වාගෙන ගිය ආපනශාලා සහ වෙළෙඳසැල් හිමියන්ට දැඩි ලෙස අවවාද කිරීමට ද මෙහිදී කටයුතු කර ඇත.
මහජන සෞඛ්යයට හානිදායක අයුරින් කටයුතු කළ වෙළෙඳුන්ට එරෙහිව ඉදිරි නීතිමය ක්රියාමාර්ග ගැනීමට ද පියවර ගෙන තිබේ.

