ඉන්දියාව සහ වියට්නාමය අතර මිසයිල ගනුදෙනුවක්
31 May 2026
ඉන්දියාව සහ වියට්නාමය අතර මිසයිල ගනුදෙනුවක්
31 May 2026
ඉන්දියාව සහ වියට්නාමය අතර සුපර් සොනික් කෘස් මිසයිල ගනුදෙනුවක් සදහා ගිවිසුමක් අත්සන් කර තිබේ.
ඒ අනුව ඉන්දියාවේ නිෂ්පාදිත බ්‍රාමෝස් මිසයිල පද්ධතියක් මිලදී ගන්නා පළමු විදෙස් රට බවට වියට්නාමය පත් වේ.
මෙම ගනුදෙනුවේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 375කට වැඩි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දියාව සහ රුසියාව ඒකාබද්ධව නිෂ්පාදනය කළ බ්‍රාමෝස් සොනික් කෘස් මිසයිල පද්ධතිය සැළකෙන්නේ ලොව වේගවත්ම සුපර් සොනික් මිසයිල පද්ධතිය ලෙසය.
එහි වේගය ශබ්ධයේ වේගය මෙන් තෙගුණයක් වන බව සඳහන් වේ.

