brand logo
logo
ජාතික දීපාවලී උත්සවය හැටන් ශ්‍රී මාණික්කපිල්ලෙයාර් කෝවිලේදී

ජාතික දීපාවලී උත්සවය හැටන් ශ්‍රී මාණික්කපිල්ලෙයාර් කෝවිලේදී

19 October 2025 | හැටන් රංජිත් රාජපක්ෂ



හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන වාර්ෂික උත්සවයක් වන දීපාවලී උත්සවයේ ජාතික දීපාවලී උත්වසය (19) දින හැටන් නගරයෙදී පැවැත්විණ.


බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අභයකොන්, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. මංජුල සුරවීර ආරච්චි සහ ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි සහ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකොන් යන මහත්ම මහත්මීන් ගේ ප්‍රධානත්වයෙනුයි.


ජාතික දීපාවලී උත්සවය පවත්වනු ලබන්නේ බුද්ධ ශෘසන, ආගමික කටයුතු අමාත්‍යාංශය , නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් අමාත්‍යාංශය, හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන රාජ්‍ය ආයතන මගින් සැමට සාමය සහ සෞභාග්‍ය ප්‍රාර්ථනා කරමින් ජාතික දීපාවලී උත්සවය සංවිධානය කර තිබුණි.


හැටන් ශ්‍රීමාණික්ක පිල්ලෙයාර් හින්දු කොවිලේ ප්‍රධාන පූජක කුරුක්කල් සිව ශ්‍රී සත්ගුණ සංමධුර කුරක්කල් විසින් ජාතික දීපාවලී උත්සවයට පැමිණි ආරාධිතයන් වෙනුවෙන් එම කෝවිලේදී විශේෂ ආශිර්වාද පූජාවක් පැවැත්වූ අතර, එම කෝවිලේ භාරකාර මණ්ඩලය විසින් එම ආශිර්වාද පූජාව සංවිධානය කර තිබුණි.


කෝවිලේ පැවති ආශිර්වාද පූජාවෙන් අනතුරුව ආරාධිතයන් සියලු දෙනාම පෙරහැරකින් හැටන් ප්‍රිනසස් ශාලාව වෙත කැදවාගෙන යෑමෙන් පසු එහිදි පාසල් ළමුන් විසින් හින්දු සංස්කෘතිකාංග රැසක් ඉදිරිපත් කරනු ලැබූහ.

ජාතික දීපවාලි උත්සවය නිමිත්තෙන් සමරු තැපැල් මුද්දරයක්ද නිකුත් කරනු ලැබූහ.

 

More News..