brand logo
logo
ප්‍රදේශ කිහිපයකට අද තද වැසි

ප්‍රදේශ කිහිපයකට අද තද වැසි

06 September 2026


ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් එහි සඳහන්ව ඇත.


බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.


එමෙන්ම දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.


මේ හේතුවෙන් අද (06) දින දහවල් 12:08 ට බෙන්තොට,තිනියාවල, ඉත්තකන්ද, උඩවලව සහ කතරගම යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

 

More News..