Best News Website award
brand logo
logo
බලශක්ති අංශය වෙනුවෙන් ඉදිරිපත් වූ අයවැය යෝජනා

බලශක්ති අංශය වෙනුවෙන් ඉදිරිපත් වූ අයවැය යෝජනා

12 November 2026

2027 වසරේ අයවැය යෝජනා යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක බලශක්ති අංශය වෙනුවෙන් ඉදිරිපත් කල අයවැය යෝජනා  


බලශක්තිය ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් අවශ්‍යයි. එයට අවශ්‍ය සැලසුම් මෙවර අයවැයට ඇතුළත් කරා. 2029 වනවිට පුනර්ජනනීය 69% දක්වා වැඩි කිරීමට සැලසුම්.

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ධාරිතාව වැඩිකිරීම සඳහා රු.බි. 26.5ක ආයෝජනයක්.

ජාල පද්ධතියේ ස්ථාවරත්වය පවත්වාගෙන යාමට නව හබරන හා මන්නාරම ස්ථානවල මෙ.වො.ඇ. 75 බැගින් වූ සමූර්ථ ධාරිත්‍ර 2ක් ස්ථාපිත කෙරේ.

පාදුක්ක 220KV ජාල උපපොළෙහි මෙ.වො. 300 ධාරිතාවෙන් යුත් පහසුකමක් ආරම්භ කර 2029දී අවසන් කිරීම.

දහවල් ලැබෙන අතිරික්ත විදුලිය ගබඩා කිරීම 2029 වනවට සමස්ත බැටරි ප්‍රමාණය මෙ.වො. 1245ක් වන ලෙස සැලසුම් කෙරේ.

බැටරි ගබඩා පහසුකම් සහිත වහළ මත සූර්ය විදුලි පද්ධති ස්ථාපනය කරන ගෘහස්ථ පාරිභෝගිකයන් සඳහා බලශක්ති ගබඩා කිරීමට අවශ්‍ය බැටරි මිලදී ගැනීමට සහනාධාරයක්.

බැටරි ධාරිතාව කි.වො. 1 සඳහා රු. 25,000ක සහනාධාරයක්. එය කි.වො. 10ක් දක්වා උපරිම රු. 250,000ක් ලබාදීමට යෝජනා. මේ වෙනුවෙන් රු.මි. 3500ක්

සූර්ය බලශක්ති ගබඩා කිරීමට යොදාගැනෙන බැටරි සඳහා ආනයනයේදී අයකරන වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද (10%) ඉවත් කෙරේ.


 

More News..