ඉරානයේ තෙල් සඳහා පනවා ඇති සම්බාධක ඇමෙරිකාව ඉවත් කරයි ද?
20 March 2026
ඉරානයේ තෙල් සඳහා පනවා ඇති සම්බාධක ඇමෙරිකාව ඉවත් කරයි ද?
20 March 2026
අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව අරඹා ඇති යුද්ධය හේතුවෙන් ලෝක බලශක්ති වෙළඳපොළට එල්ල වන බලපෑම සැලකිල්ලට ගෙන, අමෙරිකාව විසින් ඉරානයේ තෙල් සඳහා පනවා තිබෙන සම්බාධක ඉවත් කිරීමට සලකාබලමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.
එම වාර්තා පවසා සිටියේ, අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවය.
අදාළ යෝජනාවෙන් ඔහු පවසා ඇත්තේ, එම තීරණයෙන් ගෝලීය ගැනුම්කරුවන්ට වැඩි තෙල් ප්‍රමාණයක් ලබාගත හැකි බවය.
නැව් ගමනාගමනයට සහ නිෂ්පාදනය ක්ෂේත්‍රයට බාධා එල්ලවීමත් සමග ලොව පුරා බලශක්ති මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.
ඒ අනුව මෙම පියවර ක්‍රියාවට නැංවුවහොත් ඉරානයට එරෙහි අමෙරිකානු දිගුකාලීන ප්‍රතිපත්තියේ විශ්මයජනක වෙනසක් සනිටුහන් කරනු ඇති බවත්, එමඟින් ඉරානයට අවිනිශ්චිත ප්‍රතිලාභ රැසක් ලැබෙනු ඇති බවත් සඳහන්ය.
යුද්ධයට පෙර සිටිම චීනය ඉරානයේ ප්‍රධාන තෙල් ගැනුම්කරුවාය.
අමෙරිකාව ඇතුළු රටවල් රැසක් ඉරානයට පනවන ලද සම්බාධක හේතුවෙන් චීනය සුවිශාල වට්ටම්වලට ඉරාන තෙල් ලබාගත් බවද අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා පවසා තිබේ.
ඉරාන තෙල් සඳහා පනවන ලද විකුණුම් සීමා ඉවත්කළ හොත් දින 10ත් 14ත් අතර කාලයේ දී ගෝලීය මිල ගණන් පහත වැටෙනු ඇතැයි ඔහු ඇස්තමේන්තු කර ඇත.
තෙල් සංචිත මිලියන ගණනක් මුදා හැරීම සහ පසුගිය සතියේ රුසියානු තෙල් සඳහා පනවා තිබූ සම්බාධක කිහිපයක් අත්හිටුවීම ඇතුළුව සැපයුම ඉහළ නැංවීමට අමෙරිකාව දැරූ උත්සාහයන් සැලකිල්ලට ගෙන මෙම යෝජනාවද ඉදිරිපත් කර ඇත.

