මැදපෙරදිග ගැටුම පාලනයෙන් තොර වී ඇති බව එක්සත් ජාතීන්ගේ මහලේකම් පවසයි
25 March 2026
මැදපෙරදිග ගැටුම පාලනයෙන් තොර වී ඇති බව එක්සත් ජාතීන්ගේ මහලේකම් පවසයි
25 March 2026
මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය දැනටමත් “පාලනයෙන් තොර වී ඇති” බවත්, ලෝකය මේ වන විට “මහා පරිමාණ යුද්ධයක මුලට පැමිණ සිටිනවා” බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා ඇත්තේ, අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ගෙන යන මෙම යුද්ධය අවසන් කිරීමට මෙය “සුදුසුම කාලය” බවය.
එමෙන්ම, මෙම ගැටුමට සම්බන්ධ නොවන අසල්වැසි රටවලට එල්ල කරන ප්‍රහාර වහාම නතර කරන ලෙස ඔහු ඉරානයෙන්ද ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
“දැන් කළ යුත්තේ යුද ගැටුම් උත්සන්න කිරීම නොව, රාජ්‍ය තාන්ත්‍රික විසඳුම් කරා යොමු වීමයි. ජාත්‍යන්තර නීතියට පූර්ණ ගරුත්වයක් ලබා දෙමින් සාමය උදා කිරීමට සියලු පාර්ශව කටයුතු කළ යුතුයි,” යනුවෙන් මහලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කර ඇති බව සඳහන් වේ.

