මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 65,000ක්
06 May 2025 | එෆ්. අස්ලම්
මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 65,000ක්
06 May 2025 | එෆ්. අස්ලම්
පළාත් පාලන මැතිවරණයේ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් හැට පන්දහසක් යොදවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසීය.
පොලිසියේ සමස්ත නිලධාරීන් හැත්තෑ තුන්දහසක් රාජකාරී කරන බවත් ඉන් සියයට අසූවකට අධික නිලධාරීන් පිරිසක් මෙලෙස මැතිවරණ රාජකාරි සඳහා යොදවා තිබෙන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
ඡන්ද මධ්‍යස්ථාන රාජකාරී සඳහාත්, මාර්ග බාධක රාජකාරී, ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් ආවරණය වන පරිදි ජංගම සංචාර සඳහා නිලධාරීන් යොදවා තිබෙන බවත් කැරළි මර්දන කණ්ඩායම් ද යොදවා තිබෙන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
එමෙන්ම විශේෂ කාර්ය බළකාය ද යොදවා තිබෙන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් හා ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට අදාළ පැමිණිලි 568 ක් ලැබී තිබෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
එම සිදුවීම්වලට අදාළව අපේක්ෂකයන් 54 ක් හා ආධාරකරුවන් 204 ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
මැතිවරණ දිනයේදී හා පශ්චාත් මැතිවරණ කාලය තුළ යම් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් සිදුවේ නම් ඒ සඳහා මුහුණ දීමට කැරලි මර්දන කණ්ඩායම් ද සූදානම් කර තිබෙන බවද හෙතෙම කීවේය.