WCIC සම්මාන උළෙලේ අනුග්‍රාහකත්වය AIA ඉන්ෂුවරන්ස් වෙතින්
24 October 2024
WCIC සම්මාන උළෙලේ අනුග්‍රාහකත්වය AIA ඉන්ෂුවරන්ස් වෙතින්
24 October 2024
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, WCIC (Women’s Chamber of Industry and Commerce) ප්‍රතිභාභිශේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල - 2024 සඳහා අඛණ්ඩව දෙවන වරටත් දායකත්වය ලබාදීමට තීරණය කර තිබේ.
AIA සමාගම විසින් මෙම සම්මාන උළෙල සඳහා සිය අනුග්‍රාහකත්වය සැපයීම ආරම්භ කළ 2022 වර්ෂයේ දී ඒ වෙනුවෙන් ස්වර්ණ අනුග්‍රාහකත්වය ලබා දෙන ලද අතර මෙවර සම්මාන උළෙල සඳහා ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබා දෙනු ඇත.
මෙමඟින් AIA සමාගම තුළ මෙන්ම සමස්ත සමාජයේ සියලූම කාන්තාවන් සවිබලගැන්වීම වෙනුවෙන් AIA ඉන්ෂුවරන්ස් කටයුතු කර තිබේ.
ප්‍රතිභාභිශේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන ප්‍රදානය ඔස්සේ කාන්තා ව්‍යවසායිකාවන්ගේ විශිෂ්ට ජයග්‍රහණ ඇගයුමට ලක් කරන අතර අනාගතයේ බිහිවෙන කාන්තා නායකත්වයට දිරිදීම අරමුණු කෙරේ. මෙරට ආර්ථික වර්ධනයට සහ නවෝත්පාදනය වෙනුවෙන් කාන්තාවන්ගෙන් ඉටුවන වැදගත් භූමිකාව අගයමින් සහ ප්‍රවර්ධනය කරමින් කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලය (Women’s Chamber of Industry and Commerce) විසින් සිදුකරන ලද මෙකී අනගි මෙහෙවරට, පසුගිය වසර 3 පුරාවට AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම විසින් සිය අනුග්‍රාහකත්වය ලබා දෙන ලදී.
මේ සඳහා AIA සතු කැපවීම විදහා දක්වමින් පසුගිය වසරේ සම්මානයෙන් පිදුම් ලද ව්‍යවසායිකාවන් සමඟින් පෞද්ගලිකව සම්බන්ධ වීමට ද AIA විසින් මෙය අවස්ථාවක් කර ගන්නා ලදී. ඔවුන්ගේ සාර්ථකත්වය පිළිබඳව සාකච්ඡා කරමින්, වටිනා අදහස් සහ උපදෙස් ලබා දෙමින් නැගී එන තරුණ කාන්තා ව්‍යවසායිකාවන් විශාල සංඛ්‍යාවක් දිරිමත් කිරීමට මේ ඔස්සේ හැකියාව ලැබුන අතර කාන්තාවන් ධෛර්යමත් කරමින් ඔවුන්ව සවිබලගැන්වීම වෙනුවෙන් AIA හි කැපවීම මේ ඔස්සේ තවදුරටත් තහවුරු විය.
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුනවීර මහත්මිය සිය අදහස් දක්වමින් මෙලෙස පැවසීය, "WCIC ප්‍රතිභාභිශේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල සඳහා අපගේ අනුග්‍රාහකත්වය මෙවර අප ලබා දෙනුයේ තෙවන වතාවට වන අතර WCIC සමඟින් එක්ව AIA හි අපගේ අරමුණ වන්නේ රට වටා විසිර සිටින සියලුම කාන්තා ව්‍යවසායිකාවන් හට ඔවුනගේ සිහින සැබෑ කරගැනීම උදෙසා ඔවුන්ව සවිබලගැන්වීමයි. 2023 වසරේ දී මෙන්ම මේ වසරේදීත් මෙම සම්මාන උළෙල සඳහා අපගේ සාඩම්බර අනුග්‍රාහකත්වය (ප්ලැටිනම් අනුග්‍රාහකත්වය) ලබා දෙන ලද අතර මෙම සම්මානය කාන්තාවන් සවිබල ගන්වමින් ඔවුන්ව විශිෂ්ටත්වය කරා ළඟා කරවීමේ අවස්ථා නිර්මාණය කරන අතරම සමානාත්මතාවය, විවිධත්වය සහ සියල්ලන් එකතු කරගනිමින් සිය මෙහෙවර සිදු කිරීම සඳහා AIA හි කැපවීම විදහා දැක්වෙනවා. මෙම සහයෝගීතාවය පිළිබඳව අපි සතුටට පත්වන අතරම රට පුරා සිටින අපගේ කාන්තා ව්‍යවසායිකාවන්ගෙන් මෙම වසරේ දී තව තවත් විප්ලවීය සහ උද්යෝගිමත් ව්‍යවසායක අදහස් ඇසීමට සහ දැකීමට බලාපොරොත්තු වෙමු."