brand logo
logo
අඩු බර දරු උපත් වැඩිවෙයි

අඩු බර දරු උපත් වැඩිවෙයි

17 April 2026 | වරුණි පෙරමුණ

මෙරට මව්වරුන්ට අඩු බර දරු උපත් සිදුවීමේ ප්‍රවණතාව වැඩි වී ඇති බව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය පවසයි. 


පසුගිය වසරේ එම කාර්යාංශය සිදුකළ සමීක්ෂණවලට අනුව අඩු බර දරු උපත් සිදුවීම සියයට පහළොවයි දශම එකක් (15.1 % ) ලෙස වැඩිවී ඇත.


නමුත් 2024 වර්ෂයේ දෙසැම්බර් මාසය වනවිට අඩු බර දරු උපත් සිදුවීමේ සංඛ්‍යව ප්‍රතිශතයක් ලෙස සියයට දාහතරයි දශම හයක් ලෙස සටහන්ව තිබිණි. මෙම සමීක්ෂණයට අනුව අඩු බර දරු උපත් සිදුවීම වැඩිම ප්‍රතිශතයක් සටහන් වී තිබුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව සියයට විසිතුනකි (23%). 


දරුවකුගේ උපත් බර කිලෝග්‍රෑම් තුනක් හෝ කිලෝග්‍රෑම් තුනයි ග්‍රෑම් පන්සියයක් ලෙස සටහන් වී තිබිය යුතුය. එසේ වුවද ඉපදී පළමු සතිය තුළදී මව්කිරි බොන දරුවකුගේ බර සියයට දහයකින් අඩුවිය හැකි බවත් එම ප්‍රමාණයටත් වඩා ඉදිරි සතිවලදී බර අඩුවන්නේනම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවත් වෛද්‍යවරු පවසති. 

 

More News..