නෙදර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පහසු ජයක්
22 November 2026
නෙදර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පහසු ජයක්
22 November 2026
කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (22) පැවති තරගයෙන් නෙදර්ලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 9කින් පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වී තිබේ.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා හර්ෂිතා සමරවික්‍රම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළාය.
ඒ අනුව පන්දුවාර 17යි පන්දු 2ක් අවසානයේ නෙදර්ලන්ත කණ්ඩායමේ සියලුම ක්‍රීඩිකාවන් ලකුණු 57කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 58ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 7යි පන්දු 2ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යමින් තරගයේ ජය හිමිකර ගැනීමට සමත් විය.


