ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායෙන් නිවේදනයක්
11 March 2026
ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායෙන් නිවේදනයක්
11 March 2026
ඉරානයේ සතුරන් යටත්වනතුරු සහ යුද අවදානම ඉරානයෙන් තුරන් කරන තෙක් ඇමෙරිකා-ඊශ්‍රායල, ඉරාන යුද්ධය අඛණ්ඩව ඉදිරියට ඇදෙනු ඇතැයි ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය අද ප්‍රකාශ කළේය.
හමුදා කඳවුරුවලට අමතරව මැද පෙරදිග කලාපයේ තිබෙන ඇමෙරිකා සහ ඊශ්‍රායලය ආර්ථික මධ්‍යස්ථානවලට, බැංකුවලට ඉරාන හමුදාව ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරනු ඇතැයිද ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය පැවැසුවේය.
ඊශ්‍රායලය, ඉරාන බැංකුවකට ගුවන් ප්‍රහාර එල්ල කළ බවත් එයට ප්‍රතිප්‍රහාර ලෙස කලාපයේ තිබෙන ඇමෙරිකා, ඊශ්‍රායල ආර්ථික මධ්‍යස්ථාන සහ බැංකුවලට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය ප්‍රහාර එල්ල කරනු ඇතැයිද එම බළකාය සඳහන් කළේය.
ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය ප්‍රතිචාර දක්වන අයුරු ඇමෙරිකාව සහ ඊශ්‍රායලයට දැක ගැනීමට හැකිවනු ඇති බවද එම බළකාය පැවැසුවේය.

