ඩෙංගු රෝගීන් 90,000 ඉක්මවයි
11 August 2026
ඩෙංගු රෝගීන් 90,000 ඉක්මවයි
11 August 2026
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන 90,306ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට දිවයින පුරා ඩෙංගු මරණ 65ක් සිදුව ඇති අතර, රෝගී මරණ අනුපාතය සියයට 0.07ක් ලෙස සටහන් වේ.
වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ජූලි මාසයේදී වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 29,973කි.
අගෝස්තු මාසයේ මුල් දින 10 තුළ පමණක් රෝගීන් 4,959දෙනෙකු හඳුනාගෙන ඇත.
සමස්ත රෝගීන්ගෙන් සියයට 52.96ක් එනම් රෝගීන් 47,824 දෙනෙකුම බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර දකුණු පළාතෙන් රෝගීන් 13,361ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 8,027ක් වාර්තා වී ඇත.
එමෙන්ම දිස්ත්‍රික් මට්ටමින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර ඉන් රෝගීන් 19,204 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,955ක්ද, මහනුවරින් 6,413ක්ද, මාතරින් 5,971ක්ද සහ කළුතරින් 5,871ක් ලෙස රෝගීන් වාර්තා වී ඇත.

