brand logo
logo
කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලයි

කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලයි

09 August 2026

ගල්කිස්ස,මොරටුව, පිලියන්දල ඇතුලු ප්‍රදේශ ගණනාවකට කසිප්පු නිෂ්පාදනය කර බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


එම ස්ථානයේ තිබී රුපියල් ලක්ෂ 15කට ආසන්න වටිනා නීතිවිරෝධී මත්පැන් ස්ප්‍රීතු ලීටර් 135ක් බැරල් 08ක බහා තිබූ මත්පැන් නිෂ්පාදනයට ගන්නා ගෝඩා ලීටර් ලක්ෂ 16ක් හා උපකරණ රැසක් පොලීස් භාරයට ගෙන තිබේ.


කරදියාන කසල කන්ද ආසන්නයේ බොල්ගොඩ ගඟට අයත් වේරස් ගඟ දූපතේ නීතිවිරෝධී මත්පැන් පෙරන බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

සැකකරුවන් රත්මලාන තෙලවල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.


සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ පවත්වනු ලබයි.

 

More News..