තෙමහල් නිවසකින් ඇද වැටී 15 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට
28 October 2026
තෙමහල් නිවසකින් ඇද වැටී 15 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට
28 October 2026
ග්රෑන්ඩ්පාස්, ලෙයාඩ්ස් බෝරෝඩ්වේ ප්රදේශයේ තෙමහල් නිවසක ඉහළ මහලෙන් ඇද වැටී බරපතළ තුවාල ලැබූ දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (27) සවස මෙම අනතුර සිදුව ඇති අතර, බරපතළ තුවාල ලැබූ දැරිය රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කර ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
මේ සම්බන්ධයෙන් ග්රෑන්ඩ්පාස් පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති තිබේ.
මියගිය දැරිය අවුරුදු 15 ක් වූ ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ පදිංචිකාරියෙකි.
ග්රෑන්ඩ්පාස් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

