Best News Website award
brand logo
logo
පිලිපීනය සහ ඔස්ට්‍රේලියාව අතර නව ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට අත්සන් කෙරේ

පිලිපීනය සහ ඔස්ට්‍රේලියාව අතර නව ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට අත්සන් කෙරේ

15 November 2026

පිලිපීනය සහ ඔස්ට්‍රේලියාව අතර නව ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.


දකුණු චීන මුහුදේ චීනයේ බලපෑම් සහ ආක්‍රමණශීලී ක්‍රියාකාරකම් ඉහළයාම හමුවේ දෙරට අතර හමුදා සබඳතා ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ඉදිරියේ පිලිපීන ආරක්ෂක ලේකම් ගිල්බර්ටෝ තියෝඩෝරෝ සහ ඔස්ට්‍රේලියානු තානාපති මාර්ක් ඉනස්-බ්‍රවුන් මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බව සඳහන් වෙයි.


සමුද්‍රීය, ගුවන් සහ ගොඩබිම් හමුදා අතර ඒකාබද්ධ පුහුණුවීම්, බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම සහ ආරක්ෂක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙම ආරක්ෂක ගිවිසුම් මගින් තවදුරටත් පුළුල් වනු ඇති බව සඳහන් වෙයි.


කෙසේවෙතත් පිලිපීනය සිය මිත්‍ර රටවල් සමඟ සිදු කරන මෙවැනි ඒකාබද්ධ හමුදා ක්‍රියාකාරකම් කලාපීය නොසන්සුන්තා ඉහළ නංවන බවට චීනය විරෝධය එල්ල කර තිබේ.

 

More News..