brand logo
logo
ඇෆ්ගනිස්තාන දේශසීමාවට පකිස්තානයෙන් දරුණු ගුවන් ප්‍රහාර

ඇෆ්ගනිස්තාන දේශසීමාවට පකිස්තානයෙන් දරුණු ගුවන් ප්‍රහාර

10 June 2026

පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර දේශසීමා කලාපයේ පැවැති මාස කිහිපයක සාමකාමී වාතාවරණය බිඳදමමින්, පකිස්තාන ගුවන් හමුදාව විසින් ඇෆ්ගනිස්තාන දේශසීමා ඉලක්ක වෙත දරුණු ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.


පකිස්තාන ජනමාධ්‍ය අමාත්‍ය අතාවුල්ලා තාරාර් ප්‍රකාශ කර ඇත්තේ, එල්ල කරන ලද "නිරවද්‍ය ප්‍රහාර" මඟින් ත්‍රස්තවාදී ඉලක්ක 4 ක් විනාශ කර සටන්කාමීන් 26 දෙනෙකු ද විනාශ කර ඇති බවයි. කෙසේ වෙතත්, ඇෆ්ගනිස්තානයේ තාලිබාන් රජය පවසන්නේ මෙම ප්‍රහාර හේතුවෙන් ළමුන් 11 දෙනෙකු ඇතුළු සිවිල් වැසියන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය.


පකිස්තාන භූමිය තුළ ප්‍රහාර එල්ල කරන ත්‍රස්තවාදීන්ට ඇෆ්ගනිස්තානය විසින් රැකවරණය ලබාදෙන බවට පකිස්තානය දිගින් දිගටම චෝදනා කරයි.


තාලිබාන් රජය මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, තම භූමිය වෙනත් රටක ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි භාවිතා කිරීමට ඉඩ නොදෙන බව අවධාරණය කරයි.


පසුගිය ඔක්තෝබර් මාසයේදී දෙරට අතර සටන්විරාමයකට එළඹුණු නමුත්, පෙබරවාරි මාසයේදී සිදු වූ දරුණු ගැටුම්වලින් සිය ගණනක් මියගියේය.


ඉන්පසුව එල්ල වූ බරපතළම ප්‍රහාරය මෙය බව සඳහන් වේ.


 

More News..