brand logo
logo
ඔක්: 18 දක්වා දම්මාම් වෙත ශ්‍රීලන්කන් ගුවන් ගමන් නවතී

ඔක්: 18 දක්වා දම්මාම් වෙත ශ්‍රීලන්කන් ගුවන් ගමන් නවතී

12 October 2026

කටුනායක සහ සෞදි අරාබියේ දම්මාම් අතර ක්‍රියාත්මක ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් ලබන 18 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.


සෞදි අරාබිය ආශ්‍රිතව පවතින යුදමය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ගුවන් මගීන්ගේ සහ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදෙන බවත්, පවතින තත්ත්වය වාණිජ ගුවන් ගමන් සඳහා සුදුසු බවට තහවුරු වූ වහාම යළි ගුවන් ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් එම නිවේදනයේ දැක්වේ.


මෙම තීරණය හේතුවෙන් ගුවන් මගීන්ට සිදුවන අපහසුතාව පිළිබඳව ශ්‍රීලන්කන් ගුවන් සේවය සිය කනගාටුව පළ කර තිබේ.


ගුවන් ගමන් සම්බන්ධ වැඩිදුර තොරතුරු සඳහා ශ්‍රී ලංකාව තුළ සිට 1979 හෝ ජාත්‍යන්තර ඇමතුම් සඳහා +94 11 777 1979 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය හැකිය.


එසේම WhatsApp කෙටි පණිවිඩ සඳහා +94 74 444 1979 අංකය හෝ www.srilankan.com වෙබ් අඩවිය භාවිත කළ හැකි බව ද ගුවන් සේවය දැනුම් දෙයි.

 

 

More News..