brand logo
logo
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

24 October 2026


පවතින වැසි තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ 14ක් සහ මධ්‍යම පරිමාණ ජලාශ 9ක් තවදුරටත් වාන් මට්ටමේ පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.


ඒ අනුව දැදුරඔය, රාජාංගනය, අලිකොටආර, අඹකොලවැව, අතරගල්ල සහ අඹේවෙල යන ජලාශවල වාන් දොරටු විවෘත කර තිබේ.


දැදුරුඔය ජලාශයේ අඩි දෙක බැගින් වාන්දොරටු දෙකක් ද අඩිය බැගින් වාන්දොරටු හතරක් ද විවෘත කර ඇති බව සඳහන්ය.


රාජාංගනය ජලාශයේ අඩි තුන බැගින් වාන්දොරටු දෙකක් විවෘත කර ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


තව ද තුරුවිල වැව, අංගමුව, වෙනුරොව වැව යන මධ්‍යම පරිමාණයේ ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. 

 

More News..