‘අක්වාන්’ සුළි කුණාටුව හේතුවෙන් බහුදින ධීවර යාත්‍රාවලට රතු නිවේදනයක්
19 November 2026
‘අක්වාන්’ සුළි කුණාටුව හේතුවෙන් බහුදින ධීවර යාත්‍රාවලට රතු නිවේදනයක්
19 November 2026
බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
බෙංගාල බොක්කේ දකුණු සහ ඊට යාබද බටහිර - මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “අක්වාන්" (Akvan) ප්‍රබල සුළි කුණාටුව, අද (19) පෙ.ව. 11.30 පමණ වන විට, එය උතුරු අක්ෂාංශ 15.4° සහ නැගෙනහිර දේශාංශ 85.2° ආසන්නයේ (කන්කසන්තුරය සිට දළ වශයෙන් කිලෝමීටර් 830ක් පමණ ඊසාන දෙසින්) කේන්ද්‍රගතව පැවතුණි.
මෙම පද්ධතිය තවදුරටත් උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින්, මෙම ප්‍රබල සුළි කුණාටුව හෙට (20) උදෑසන 11.30 පමණ වන විට, ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරයේ නසාපූර් (Narsapur) සහ පූරි (Puri) අතරින් ගොඩබිමට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එමනිසා, උතුරු අක්ෂාංශ 12ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 93ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවික කටයුතු වලින් වැලකී සිටින ලෙස දැනුම්දෙනු ලබයි.
එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාවන් ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.
මේ සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.
අද(19) පස්වරු 4ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට පස්වරු 4 දක්වා වලංගු වෙයි.


