ඉන්දීය සාගරයේ ආරක්ෂක සහයෝගීතාව ගැන ඉන්දියාව සහ මාලදිවයින අතර සාකච්ඡා
26 November 2026
ඉන්දීය සාගරයේ ආරක්ෂක සහයෝගීතාව ගැන ඉන්දියාව සහ මාලදිවයින අතර සාකච්ඡා
26 November 2026
ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂක සහයෝගීතාව සම්බන්ධයෙන් ඉන්දියාව සහ මාලදිවයින අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා සහ මාලදිවයිනේ ආරක්ෂක හා ජාතික සේවා අමාත්‍ය හසන් රෂීඩ් මහතා අතර මෙම හමුව පැවැත්විණි.
දෙරට අතර ආරක්ෂක හා සුරක්ෂිතතා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ ක්රමෝපායන් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
ඉන්දියාව සහ මාලදිවයින අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය මෙම සාකච්ඡාවේදී යළිත් තහවුරු වී ඇති අතර, දෙපාර්ශ්වයටම වැදගත් වන කරුණු පිළිබඳව අදහස් හුවමාරු කරගනිමින් ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමට ඇති හැකියාවන් පිළිබඳව ද අවධානය යොමු වී තිබේ.
දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයම කැපවී සිටින බව මාලදිවයින් ආරක්ෂක හා ජාතික සේවා අමාත්‍යාංශය ද 'X' පණිවුඩයක් මගින් අවධාරණය කර ඇත.
මේ අතර, ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සාමාජික රටවල සහභාගීත්වයෙන් පැවැත්වෙන 8 වැනි කොළඹ ආරක්ෂක සමුළුවේ ජාතික ආරක්ෂක උපදේශකවරුන්ගේ කවුන්සිල රැස්වීම නොවැම්බර් 24 වැනිදා සිට 26 වැනිදා දක්වා මාලදිවයිනේදී පැවැත්වේ.


