brand logo
logo
 කල් ඉකුත් වූ පොහොර තොගයක් වටලයි

කල් ඉකුත් වූ පොහොර තොගයක් වටලයි

25 July 2026



කඩුවෙල, බෝමිරිය ප්‍රදේශයේදී ලොරි රථ තුළ ගබඩා කර තිබූ කල් ඉකුත් වූ පොහොර තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිය භාරයට ගෙන තිබේ.


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ විශේෂ වැටලීමකදී මෙම පොහොර තොගය සොයා ගෙන ඇත.


එහි තිබී කල් ඉකුත් වූ ඝන පොහොර කිලෝග්‍රෑම් 376ක් සහ දියර පොහොර ලීටර් 1,170ක් සොයා ගැනීමට නිලධාරීන් සමත්ව තිබේ.


අදාළ පොහොර තොගයට මේ වන විට මුද්‍රා තබා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.


විමර්ශන කටයුතු අවසන් වීමෙන් අනතුරුව වංචනික ලෙස කටයුතු කළ එම ආයතනයට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට නියමිත බවද සඳහන්.

 

More News..