මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ශීඝ්රයෙන් ඉහළට
30 August 2026
මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ශීඝ්රයෙන් ඉහළට
30 August 2026
මෙරට කෘෂි නිෂ්පාදනවලට පවතින විදෙස් ඉල්ලුම විශාල ලෙස ඉහළ ගොස් ඇති බව කර්මාන්ත හා ව්යවසායකත්ව අමාත්යංශය පවසයි.
නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතා පෙන්වා දෙන්නේ පසුගිය වසරේ පමණක් කෘෂි නිෂ්පාදනවල අපනයන වර්ධනය සියයට 20කින් වැඩි වී ඇති බවයි.
පොල් ආශ්රිත නිෂ්පාදන සියයට 42ක් අපනයනය කර ඇති අතර පලතුරු සියයට 21ක්, එළවළු සියයට 20ක්, අපනයනය කර ඇති බව සඳහන් වෙයි.
ඉදිරියේදී මෙරට වැඩි වශයෙන් කෘෂි ක්ෂේත්රය සඳහා ආයෝජනයන් සිදුවනු ඇති බව නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතා පෙන්වා දෙයි.
කාබනික නිෂ්පාදන සඳහා එහිදි වැඩි අවස්ථාවක් ලබාදීමට රජය බලාපොරොත්තු වන බව ද නියෝජ්ය අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

