ශිරන්තිගේ වෛද්ය වාර්තාව අධිකරණයට
16 October 2026
ශිරන්තිගේ වෛද්ය වාර්තාව අධිකරණයට
16 October 2026
ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ‘සිරිලිය සවිය’ සංවිධානය වෙත රුපියල් මිලියන 10ක මුදලක් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ වෛද්ය වාර්තාව අද (16) කොළඹ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
අදාළ නඩුව අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම වෛද්ය වාර්තාව ඉදිරිපත් කර ඇති බව අධිකරණයට දැනුම් දී ඇත.
වෛද්ය වාර්තාව පරීක්ෂා කළ මහේස්ත්රාත්වරයා සඳහන් කළේ, කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂවරයාගේ ආවරණ ලිපියක් ද සහිතව එය ඉදිරිපත් කර ඇති බවය.
ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ රෝගී තත්ත්වය පිළිබඳ තොරතුරු එම වාර්තාවේ සඳහන් වන බව විවෘත අධිකරණයේදී ප්රකාශ කළ මහේස්ත්රාත්වරයා, ඇයට බයිපාස් සැත්කමක් සිදුකළ යුතු බවට ද එහි සඳහන් වන බව පැවසීය.
එම අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේ, අදාළ වෛද්ය වාර්තාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව කරුණු දැක්වීමට තමන්ට අවසර ලබාදෙන ලෙසය.
ඒ අනුව, නඩුවේ වැඩිදුර කටයුතු පස්වරු 2.45 දක්වා කල් තැබීමට මහේස්ත්රාත්වරයා නියෝග කළේය.

