ඉන්දුනීසියාවේ සිටි නෙදර්ලන්ත ජාතිකයින් දෙදෙනෙකු පිටුවහල් කිරීමට නියෝග
27 July 2026
ඉන්දුනීසියාවේ සිටි නෙදර්ලන්ත ජාතිකයින් දෙදෙනෙකු පිටුවහල් කිරීමට නියෝග
27 July 2026
නීතිවිරෝධී ලෙස ධාවන තරගයක් සංවිධානය කිරීම හේතුවෙන් නෙදර්ලන්ත ජාතිකයන් දෙදෙනෙකුට ඉන්දුනීසියානු ආගමන විගමන බලධාරීන් විසින් එරටින් රටින් පිටුවහල් කර තිබේ.
විදේශිකයන් ඉලක්ක කරගත් 'Entourage Bali' නම් සංවිධානයක් විසින් මෙම ධාවන තරගය සංවිධානය කර තිබූ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ තොරතුරු මඟින් අනාවරණය වූයේ එම සංගමය විදේශිකයන් පිළිගනිමින් ඉන්දුනීසියානු අයැදුම්කරුවන් ප්‍රතික්ෂේප කර ඇති බවයි.
වයස අවුරුදු 35 සහ 37 වන මෙම නෙදර්ලන්ත ජාතිකයන් දෙදෙනා, ආගමන විගමන තහනම ප්‍රකාශයට පත් කිරීමට පෙර බාලි දූපතේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත.
නිසි බලපත්‍ර ලබා නොගෙන මෙම ධාවන තරගය සංවිධානය කිරීම මඟින් ඔවුන් ආගමන විගමන නීති උල්ලංඝනය කර ඇති බව ඉන්දුනීසියානු බලධාරීහු පවසති.
මෑතකදී බාලි දූපත Digital Nomads මධ්‍යස්ථානයක් බවට පත්වීමත් සමඟ විදේශිකයන් සහ ප්‍රදේශවාසීන් අතර මතභේද ඇති වී තිබේ. මෙම සිදුවීමත් සමඟ දූපත තුළ තමන්ටම ආවේණික සුවිශේෂී ප්‍රජාවන් ගොඩනඟා ගැනීමට උත්සාහ කරන විදේශිකයන් කෙරෙහි මහජන විරෝධය යළිත් මතුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙවැනි සිදුවීම් යළි සිදුවීම වැළැක්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව බාලි ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර ඇත. "රටක් තුළ තවත් රටක්" (A state within a state) ලෙස ක්‍රියාත්මක වීමට කිසිදු විදේශිකයෙකුට ඉඩ නොදෙන බව ඉන්දුනීසියානු ආගමන විගමන ප්‍රධානියාද අවධාරණය කර තිබේ.
චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් 'Entourage Bali' සංවිධානය කියා සිටියේ තම සංගමය සැමවිටම සැම වෙනුවෙන්ම විවෘත බවයි. සම්පූර්ණ ප්‍රවේශ පත්‍රවලින් 25%කට ආසන්න ප්‍රමාණයක් දරමින් ඊට වැඩිම පිරිසක් සහභාගී වී ඇත්තේද ඉන්දුනීසියානුවන් බව ඔවුන් පෙන්වා ද ීඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, තම කණ්ඩායම්වල ස්වයංක්‍රීය අනුමත කිරීමේ ක්‍රියාවලියේ සිදුවූ දෝෂයක් හේතුවෙන් ඉන්දුනීසියානු දුරකථන අංක සහිත අයැදුම්පත් කිහිපයක් වැරදි ලෙස ප්‍රතික්ෂේප වී ඇති බවද ඔවුන් සඳහන් කර ඇත.
මේ වන විට සියලුම උත්සව තාවකාලිකව නවතා දමා ඇති බවත්, ඉදිරියේදී නිවැරදී වෙනස්කම් සිදු කරන බවත් එම සංවිධානය වැඩිදුරටත් දැනුම් දී ඇති බව සඳහන් වේ.

