මෙරට ප්‍රධාන මාර්ගවල යතුරුපැදි සඳහා විශේෂ මංතීරුවක්
04 August 2026
මෙරට ප්‍රධාන මාර්ගවල යතුරුපැදි සඳහා විශේෂ මංතීරුවක්
04 August 2026
දිවයිනේ ප්‍රධාන මාර්ගයන්හි යතුරුපැදි ධාවනය කිරීම උදෙසා වෙනමම විශේෂ මංතීරුවක් හඳුන්වා දීමට කටයුතු යොදන බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කරයි.
මෙම වැඩපිළිවෙළෙහි ආරම්භක පියවර කලවංචිකුඩි නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බව ඒ මහතා සඳහන් කළේය. වසරක් පාසා මෙරට සිදුවන්නා වූ රිය අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි සම්බන්ධ අනතුරු වන බැවින්, එම අනතුරු ප්‍රමාණය පාලනය කරගැනීමේ අරමුණින් මෙම විශේෂ මංතීරුව හඳුන්වා දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
“ලංකාවේ සාමාන්‍යයෙන් මිනිස්සු 2,500ක් විතර මාර්ග අනතුරුවලින් මියයනවා. 2025 දී 2,750ක් මැරිලා තියෙනවා. අපි යතුරුපැදිවල ඉස්සරහා සහ පිටුපස යන දෙගොල්ලන්ගෙන්ම 2019 දී 1,400ක් මියගිහින් තියෙනවා. මේ අවුරුදු 9,000ක් නැති වෙලා තියෙනවා යතුරුපැදිවල ගිහින්. ලංකාවේ රථ වාහන අනතුරු සහ මරණ නැති කරන්නම් යතුරුපැදි භාවිතය ගැන ඇති වෙලා තියෙන ගැටලුව විසඳන්න ඕනේ. අපි ලංකාවේ පළවෙනි පාරට කලවංචිකුඩි නගරයේ යතුරුපැදි සඳහාම මංතීරුවක් ප්‍රධාන පාරේ කොටසක් අපි වෙන් කරනවා. සුදු ඉරකින් නෙමෙයි බ්‍රේකර්ස් දාලා හදනවා. මොකද ඒ පැත්තේ යතුරුපැදි ටිකක් වැඩියි.”

