වාහන 4ක් එකට ගැටෙයි
23 October 2026 | පාලිත ආරියවංශ-බදුල්ල
වාහන 4ක් එකට ගැටෙයි
23 October 2026 | පාලිත ආරියවංශ-බදුල්ල
බදුල්ල - බණ්ඩාරවෙල ප්රධාන මාර්ගයේ බදුල්ල ශික්ෂණ රෝහලට නුදුරු මල් ශාලාවක් ඉදිරියේදි අද (23) දා උදෑසන 9.15 පමණ මෝටර් රථයක් ත්රිරෝද රථ දෙකක් සහ කැබ් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් තුවාල ලැබූ දෙදෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව බදුල්ල පොලිසිය පවසයි.
තුවලා ලබා ඇත්තේ ත්රිරෝද රථයක් තුළ පාඩම් කරමින් සිටි ශිෂ්යාවක් සහ තවත් ත්රිරෝදරථයක රියදුරා බවද පොලිසිය පැවසීය.
ත්රි රෝද රථ දෙක සහ කැබ්රථය මෙම ස්ථානයේ නතර කර තිබූ අතර බැවුම් සහිත මාර්ගයේ ධාවනය වූ මෝටර් රථය එහි රියදුරාට පාලනය කර ගත නොහැකව මාර්ගයෙන් ඉවතට පැන නවතා තිබූ ත්රි රෝද රථ දෙකේ ගැටී එම
ත්රිරෝද රථය ඉස්සර හට තල්ලුවී කැබ් රථයේ පිටුපස වැදී තිබේ.
තුවාල ලැබූ ශිෂ්යාව තම පියා සහ මව සමග රෝහල් ගත කර සිටින රෝගියෙකු බැලීමට පැමිණි තුවාල ලබා ඇත්තේ ත්රිරෝදරථය තුළ පාඩම් කරමින් සිට ඇත්තේ 24 වනදා විභාගයට පෙනීසිටිමට නියමිතව සිටි 16 හැවිරිදි පාසැල් ශිෂ්යාවක් ඇය පියා සහ නැගනිය සමග නැගිනියගේ සායනයක් සදහා බදුල්ල ශික්ෂණ රෝහලට පැමිණ තිබුණි.
පියා විසින් ත්රීරෝද රථය පදවා ඇති අතර මෙම ස්ථානයේ එය නතර කර තුවාල ලැබූ දියණිය එහි සිටියදී අනෙක් දියණිය මග රෝහලට ගිය අතරතුර මෙම අනතුර සිදුව තිබූ බව පොලිසිය කීය.
තුවාල ලැබූ දියණිය ජංගම දුරකථයෙන් මේ බව දැනුම් දීමත් සමග තමා එම ස්ථානයට පැමිණෙන විට දියණිගේ පාද වලට හානි සිදුව තිබූ බවත් ඇය වහාම රෝහලට ඇතුලත් කළ බවත් ඇගේ පියා පැවසීය.
බදුල්ල මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක චානක චිරංජිව විජේරත්න උපදෙස් මත බදුල්ල පොලිසියේ රථ වාහන අංශය විමර්ශන සිදුකරයි

