brand logo
logo
ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමෙන් නව වාර්තාවක්

ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමෙන් නව වාර්තාවක්

17 February 2026


ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම ඉතිහාසයේ එක් මාසයක් තුළ හැසිරවූ වැඩිම මගීන් සංඛ්‍යාව වාර්තා කර තිබේ.


වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව ජනවාරි මාසය තුළ ගුවන් මගීන් 1,045,097 දෙනෙකුට සේවා සපයා ඇති බවය.


මෙය මීට පෙර වාර්තා කර ඇත්තේ 2018 වසරේදී වන අතර එම වසරේ ජනවාරි මාසයේදී මගීන් 1,034,687කුට සේවා සපයා තිබේ.


ඒ අනුව එම වසරට සාපේක්ෂව වැඩි ගුවන් මගීන් සංඛ්‍යාවකට ජනවාරි මාසය තුළ සේවා සපයමින් එම වාර්තා අලුත් කිරීමට ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම පියවර ගෙන ඇත.

 

More News..