brand logo
logo
වනවාසල දුම්රිය අනතුරේ තවත් තොරතුරු

වනවාසල දුම්රිය අනතුරේ තවත් තොරතුරු

16 May 2026

අද (16) අලුයම වනවාසල සහ හුණුපිටිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පැනීමකට ලක්වී මැදිරියක් පෙරළීයෑමෙන් අනතුරක් සිදුවිය.


අනතුර සිදුවෙන අවස්ථාවේදී දුම්රියේ සිටි මගියෙක් මැදිරියෙන් පිටතට විසිවී ගොස් ඇති අතර ඔහුව පෙරළී ගිය මැදිරිය සහ දුම්රිය මාර්ගය අසල නවතා තිබූ මෝටර් රථයක් අතරට සිරවීමෙන් තුවාල ලබන්නට ඇති බව පොලිසිය සැක කරයි.


අනතුර හේතුවෙන් පහළ දුම්රිය මාර්ගය අවහිරවී ඇති බවත් ඉහළ දුම්රිය මාර්ගය සහ තුන්වැනි දුම්රිය මාර්ගය සාමාන්‍ය පරිදි ධාවන කටයුතු සිදුවන බවත් එම ස්ථානයේ සිටි දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පැවසීය.


අනතුර සිදුවූ ස්ථානයට මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබේ. 

 

More News..