Best News Website award
brand logo
logo
සුපිරි හය වෙනුවෙන් කාන්තා පිල අද තරග බිමේ

සුපිරි හය වෙනුවෙන් කාන්තා පිල අද තරග බිමේ

20 November 2026

එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ පැවැත්වෙන 'එමර්ජින් නේෂන්ස්' කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයේ තරග අද (20 වැනිදා) සිට ආරම්භ වීමට නියමිත අතර එහි ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින පළමු තරගය අද මෙරට වේලාවෙන් පෙරවරු 10.30ට සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වේ.


'ඒ' කාණ්ඩයේ මුල් ස්ථාන තුන හිමිකරගත් ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය සහ අයර්ලන්තය සමග 'බී' කාණ්ඩයේ මුල් ස්ථාන හිමිකරගත් පාකිස්තානය, නෙදර්ලන්තය සහ සිම්බාබ්වේ කණ්ඩායම් සුපිරි හය වටයට සුදුසුකම් ලැබූහ. ඒ අනුව මෙම වටයේදී එක් කාණ්ඩයකින් තේරුණු කණ්ඩායම් අනෙක් කාණ්ඩයේ කණ්ඩායම් තුන සමග තරග වැදීමට නියමිතය.


ශ්‍රී ලංකාව අද පැවැත්වෙන තරගයෙන් අනතුරුව නෙදර්ලන්තය සමගින් අනිද්දා (22 වැනිදා)ත්, පාකිස්තානය සමග 23 වැනිදාත් තරග වදින අතර මෙහි ඉහළම ස්ථාන හිමිකර ගන්නා කණ්ඩායම් දෙක මහා තරගයට සුදුසුකම් ලබති. අවසන් මහා තරගය එළැඹෙන 25 වැනිදා පැවැත්වේ.

 

More News..