සලේගේ පෙත්සමට ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් පිළිබඳ ඉල්ලීම කල්යයි
14 October 2026
සලේගේ පෙත්සමට ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් පිළිබඳ ඉල්ලීම කල්යයි
14 October 2026
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම අභියෝගයට ලක්කරමින් හිටපු රාජ්ය බුද්ධි සේවා අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා ගොනු කළ පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් පිළිබඳ නියෝගය ප්රකාශයට පත් කිරීම මේ මස 22 වැනිදා දක්වා කල් තබා තිබේ.
අදාළ නියෝගය අද (14) ප්රකාශයට පත් කිරීමට නියමිතව තිබුණ ද, අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දී ඇත්තේ එය ලබන 22 වැනිදා ප්රකාශයට පත් කරන බවය.
පූජ්ය බෙන්ගමුවේ නාලක හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා කිහිප නමක්, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ස්වේච්ඡා සංවිධාන විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

