brand logo
logo
නායගිය වටවල දුම්රිය ස්ථානයේ නිරීක්ෂණයකට මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි එක්වෙයි

නායගිය වටවල දුම්රිය ස්ථානයේ නිරීක්ෂණයකට මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි එක්වෙයි

27 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්


පසුගියදා වටවල ප්‍දේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග නායයෑමට ලක්වු වටවල දුම්රිය ස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි අද (27) දින නිරික්ෂණ චාරිකාවකට එක් විය.


එම දුම්රිය ස්ථානයේ ප්‍රදාන ගොඩනැගිල්ල පිටුපසින් විශාල කන්දක් නායයෑම හේතුවෙන් එම දුම්රිය ස්ථානයේ ගොඩනැගිල්ලට දැඩි අලාභ හානි සිදු වී තිබුණි.


එම දුම්රිය ස්ථානයේ කඩා වැටුණු ප්‍රධාන ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරිමට ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බලකාය වෙත දුම්රිය දෙපාර්තමේන්තුව මගින් භාර දිඇති අතර, එම දුම්රිය ස්ථානයේ ගුඩ්ශෙඩ් ගොඩනැගිල්ල තාවකාලිකව දුම්රිය ස්ථානයක් ලෙස පවත්වාගෙන යෑමට දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු අංශය විසින් මේ වන විට ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇත.

 

More News..