brand logo
logo
කොළඹ - රත්නපුර මාර්ගයේ මාදොලදී ගසක් කඩා වැටෙයි-ගමනාගමනයට දැඩි බාධා

කොළඹ - රත්නපුර මාර්ගයේ මාදොලදී ගසක් කඩා වැටෙයි-ගමනාගමනයට දැඩි බාධා

08 November 2026


කොළඹ - රත්නපුර, අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ මාදොල ප්‍රදේශයේදී විශාල ගසක් මාර්ගයට කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට දැඩිලෙස බාධා එල්ල වී තිබේ.


අද(08) සිදුවු මෙම අනතුරින් මාර්ගයේ එක් දිශාවකට වාහන ගමනාගමනය තාවකාලිකව ඇණහිට ඇති අතර, ඒ හේතුවෙන් මගීන්ට සහ රියදුරන්ට දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදුව ඇත.


ප්‍රදේශවාසීන්ගේ එක්ව කඩිනමින් මාර්ගයට වැටී ඇති ගස ඉවත් කරමින් පවතින අතර, යථා පරිදි වාහන ගමනාගමනය ආරම්භ කිරීමට මේ වන විට කටයුතු යොදමින් පවතී.

 

 

More News..